අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ උණුසුකම් විවාදයක් අද (21) පාර්ලිමේන්තුවේදී සිදුවිය. හේතුව පාලිමේන්තු විපක්ෂ මන්ත්‍රීවරයෙකු වූ සුජීව සේරසිංහට ප්‍රශ්ණයක් ඇසීමට අවස්ථාව ලබා නොදීමයි.
ගැටලුව ස්ථාවර නියෝගයක්, ආණ්ඩුව ඔවුන්ට වාසි වන විදියටත් විපක්ෂය විපක්ෂයට වාසි වෙන විදියටත් අර්ථ දක්වන්නට වීමයි.
මෙහිදී ස්ථාවර නියෝග 33 හි 1 වගන්තිය ගයන්ත කරුණාතිලක කියවූ අතර බිමල් විසින් එම වගන්තිය සම්පුර්ණයෙක් කියවමින් “මේගොල්ල 5 වසරෙ රචනාවක් කියවන්නවත් දන්නෙ නෑ. ඒ නිසයි මේ අය 6 වසර සංශෝධනවලට විරුද්ධ ” යනුවෙන් කියමින් විපක්ෂයට කෝචෝක් කිරීමකට ලක් කළේය.

එම අවස්ථාව අපගේ webnews youtube චැනලයෙන් දැන් නැරඹිය හැකිය.