විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කථානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (31) පාර්ලිමේන්තුවේ දී පවත්වා තිබෙනවා.

මේ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් සහ මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගි වූ අතර එහිදී විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන ලෙස ඔවුන් කථානායකවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව, ආරක්ෂාව ඉල්ලා සිටින මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස කථානායකවරයා විසින් පොලිස්පතිවරයා දැනුවත් කර ඇත.

ඇතැම් මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදීමට මේ වන විටත් කටයුතු කර ඇති බව මෙහිදී කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.