නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන බවට ආණ්ඩුව බලයට පැමිණීමට පෙර ප්‍රකාශ කළද, මේ වනවිට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට කටයුතු කරන්නේ කුමක් නිසාද යන්න පිළිබඳව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් අද (18) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී විමසීමක් කෙරිණි.
ඒ සඳහා පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කරන ලද්දේ, 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සේවා පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ කිසිදු බෙදීමක් නොමැති බවය.
අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස වැඩි කිරීමෙන් අධිකරණ ස්වාධීනත්වයට බලපෑමක් සිදුවන්නේ කෙසේදැයි පැහැදිලි කළ යුතු බවද ඔහු පැවසීය.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ ක්‍රමයක් නොවන බවත්, ඇතැම් රටවල එය වසර තුනකින් හෝ පහකින් පවා දීර්ඝ කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
පළපුරුදු හා පරිණත විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් ලබාගැනීම එහි අරමුණක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>





