වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1700 ක් දක්වා වැඩිකර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන අතර ඊට අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කම්කරු කොමසාරිස් ජනරාල් H.K.K. ජයසුන්දර විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

කොටගල පැවති කම්කරු දින සැමරුම් උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

අදාළ ගැසට් නිවේදනය පහතින්.