‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ, පොලිසිය විසින් ඊයේ (29) දිනයේ මත්ද්‍රව්‍ය වැටලීම් 799 ක් සිදු කර ඇත.

එම වැටලීම්වලදී සැකකරුවන් 804 ක් අත්අඩංගුවටද, පුද්ගලයින් 05 ක් පුනරුත්ථාපනයටද යොමු කළ බව පොලීසිය ප්‍රකාශ කරන ලදී.

හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ වැටලීම් 288 කින් හෙරොයින් ග්‍රෑම් 443 ක්ද, අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ වැටලීම් 268 ක් අතරින් අයිස් ග්‍රෑම් 878ක්ද සොයාගෙන ඇති බව සඳහන් වේ.

මීට අමතරව, වැටලීම් 176 කින් ගංජා කිලෝග්‍රෑම් 02 යි ග්‍රෑම් 208 ක් හා ගංජා පැළ 9540 ක්ද සොයාගෙන ඇති බවත් වැඩිදුරටත් සඳහන් වේ.

අදාළ සම්පූර්ණ වාර්තාව පහතින් දක්වා ඇත.