‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ, පොලිසිය විසින් ඊයේ (28) දිනයේ මත්ද්‍රව්‍ය වැටලීම් 761 ක් සිදු කර ඇති අතර එම වැටලීම්වලදී සැකකරුවන් 775 ක් අත්අඩංගුවටද , පුද්ගලයින් 11 ක් පුනරුත්ථාපනයටද යොමු කළ බව පොලීසිය ප්‍රකාශ කරන ලදී
හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ වැටලීම් 253 කින් හෙරොයින් ග්‍රෑම් 331 ක්ද , අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ වැටලීම් 286 ක් අතරින් අයිස් ග්‍රෑම් 358 ක්ද සොයාගෙන ඇත.
මීට අමතරව, වැටලීම් 153 කින් ගංජා කිලෝග්‍රෑම් 03 යි ග්‍රෑම් 502 ක් හා ගංජා පැළ 363 ක්ද සොයාගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වේ.
අදාළ සම්පූර්ණ වාර්තාව පහතින් දක්වා ඇත.






