යාපනයේ සිදු වූ බෝට්ටු අනතුර සම්බන්ධයෙන් මූලික හේතු සෙවීම සඳහා නාවික හමුදාව ඇතුළු සියලුම අදාළ අංශ සම්බන්ධ කරගනිමින් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස ධීවර, ජලජ හා සාගර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා උපදෙස් දී ඇත.

අමාත්‍යවරයා අනතුරින් ජීවිත අහිමි වූ පවුල් වෙත ශෝකය පළ කරමින්, ඔවුන්ට අවශ්‍ය සියලු සහන ලබාදීමට කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.

මෙම පරීක්ෂණය තුළ, අනතුරට ලක් වූ බෝට්ටුවේ ධාවන යෝග්‍යතාව, මගීන් සංඛ්‍යාව නියමිත සීමාව ඉක්මවා තිබුණේද යන්න, සහ මුහුදු ගමන් සඳහා අනුගමනය කළ ආරක්ෂිත ක්‍රියා පටිපාටි පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියෝග කර ඇත.

අමාත්‍යවරයා නාවික හමුදාවට සහ පොලිසියට, මුහුදේ අතරමං වූවන් සෙවීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් දැඩි කිරීමට උපදෙස් දී ඇති අතර, රෝහල්ගතව සිටින පුද්ගලයන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විමසා ඔවුන්ට අවශ්‍ය උපරිම වෛද්‍ය පහසුකම් සැපයීමටද කටයුතු කරන බව දන්වා ඇත