ටිල්වින් සිල්වා

අනුර සහෝදරයා ජනාධිපති හැටියට ප්‍රධාන මෝල් හිමියෝ එකතු කරලා සහල් අර්බුදය ගැන සාකච්ඡා කළා. ප්‍රශ්නේ තියෙන්නේ අපි ඇවිල්ලා මාස එකහමාරක් වෙන්නේ. මේ ප්‍රශ්නේ අපේ රටේ කාලාන්තරයක් තිස්සේ තියෙන එකක්. මේකට සැලැස්මක් තිබුනෙත් නෑ. ගොවියාගේ සහල් ටික ගන්න වැඩ පිළිවෙලක් තිබුනෙත් නැහැ

හැමදාම සිද්ද වුනේ ප්‍රධාන මෝල් කිහිපයක් විසින් වී මිලදී ගන්නවා, ආණ්ඩුව වී මිලදී ගන්න එක නතර කරනවා. ආණ්ඩුවේ ටිකත් ඒගොල්ලෝ ගන්නවා. ඒ නිසා මෙතන ඒකාධිකාරයක් හැදිලා තිබ්බා. මෙතනින් ඉදිරියට තමයි අපිට තියෙන්නේ මේ සම්බන්ධ සැලැස්මක් හදලා වැඩ කරගෙන යන්න.

මාලිමාවේ වෘත්තීය සමිතිවල වර්තමාන තත්ත්වය පිළිබඳ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ටිල්වින් සිල්වා…