බ්‍රෙන්ට් බොරතෙල් අනාගත ගිවිසුම් මිල නොවැම්බර් 12 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 7.11 වනවිට බැරලයකට ඇමෙරිකානු ඩොලර් 91.62 දක්වා පහළ ගියේය. පෙර දින වෙළෙඳාම අවසන් වූ මිලට සාපේක්ෂව එය ඩොලර් 1.14ක හෙවත් සියයට 1.2ක පහළ යාමකි.

ඇමෙරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් (WTI) බොරතෙල් මිල ද එම වේලාවේදී බැරලයකට ඩොලර් 85.49ක් දක්වා පහළ ගොස් තිබිණි. මැදපෙරදිග සහ රුසියා–යුක්රේන ගැටුම් සම්බන්ධ රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්න ඉදිරියට යනු ඇතැයි වෙළෙඳපොළ තුළ ඇති වූ අපේක්ෂා මිල පහළ යාමට බලපෑ බව රොයිටර්ස් වාර්තා කළේය.

ලෝක වෙළෙඳපොළේ මිල පහළ යාමෙන් ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන බිලට ලැබෙන වාසිය තීරණය වන්නේ සැපයුම් ගිවිසුම්වල මිල, නැව් ගාස්තු, රක්ෂණ වියදම් සහ රුපියලේ විනිමය අනුපාතය මතය.