සාන්ද්‍රණය ඉහළ නැංවූ න්‍යෂ්ටික ද්‍රව්‍ය ඉරානයෙන් පිටතට ගෙන යාමට ඉඩ නොදෙන බව එරට ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරී මොහ්සෙන් රෙසායි පවසයි. ලෙබනනයේ අල් මයාදීන් රූපවාහිනියට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ටෙහෙරානය සහ වොෂින්ටනය අතර මේ වනවිට සාකච්ඡා පැවැත්වෙන්නේ නැති බවයි.

ගැටුම අවසන් කිරීම සඳහා පැවැත්වෙන ඕනෑම මුල් සාකච්ඡාවකට න්‍යෂ්ටික කරුණු ඇතුළත් විය යුතු බව ඇමෙරිකාවේ ස්ථාවරයයි. ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරියකු රොයිටර්ස් වෙත මීට පෙර පවසා තිබුණේ කටාර් රාජ්‍යය හරහා ඇමෙරිකාවට න්‍යෂ්ටික යෝජනාවක් යවා ඇති බවත්, ඉරානය ඉදිරිපත් කළ ඉල්ලීම් හතක් ඉටු කිරීමෙන් පසු ඒ ගැන සාකච්ඡා කිරීමට ටෙහෙරානය අපේක්ෂා කරන බවත්ය.

කලාපයේ ගැටුම් තවදුරටත් උත්සන්න වීම වැළැක්වීම සඳහා දෙරට අතර මැදිහත්වීම අඛණ්ඩව ගෙන යන බව කටාර් අගමැතිවරයා නොවැම්බර් 7 වැනිදා ප්‍රකාශ කර තිබිණි.