හෝමුස් සමුද්‍ර සන්ධියේ ඕමානයට අයත් ඩිඩමාර් දූපතේ නෞකා මඟපෙන්වීමේ පද්ධති ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ. සිද්ධිය පිළිබඳ දැනුවත් මූලාශ්‍ර තුනක් ද ප්‍රහාරය පිළිබඳ තොරතුරු රොයිටර්ස් වෙත තහවුරු කර ඇත.
දූපතෙන් දුම නැඟෙන වීඩියෝ දර්ශන රොයිටර්ස් තහවුරු කර තිබේ. එහෙත් හානියට පත් උපකරණ හෝ හානියේ ප්‍රමාණය එම දර්ශනවලින් හඳුනාගෙන නැත. රොයිටර්ස් වාර්තාව පළ කරන අවස්ථාවේ ඕමාන තොරතුරු අමාත්‍යාංශයෙන් හෝ ඇමෙරිකානු මධ්‍යම හමුදා විධානයෙන් ප්‍රතිචාරයක් ලැබී තිබුණේ නැත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුව ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ආනයනවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් මැදපෙරදිගින් ලැබේ. එම නාවික මාර්ගයේ අවදානම දිගටම පැවතුණහොත්, ප්‍රවාහන හා රක්ෂණ ගාස්තු ඉහළ යාමෙන් මෙරට ඉන්ධන ආනයන පිරිවැයට පීඩනයක් ඇති විය හැකිය.
