දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් නගරයේ නාසර් රෝහලට නොවැම්බර් 12 වැනිදා එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයන් හයදෙනකු මියගොස් තවත් 20 දෙනකු තුවාල ලබා ඇතැයි ගාසා වෛද්‍ය අංශ පවසයි. මියගිය පිරිස අතර ශල්‍ය වෛද්‍යවරයකු සහ 13 හැවිරිදි පිරිමි ළමයකු ද වේ.
ප්‍රහාරයෙන් ශල්‍යාගාර සහ රෝගී වාට්ටුවලට දැඩි හානි සිදුව ඇති අතර ශල්‍ය අංශයේ සේවා අඩාල වී තිබේ. රෝහලේ සේවය කළ බ්‍රිතාන්‍ය ස්වේච්ඡා ශල්‍ය වෛද්‍යවරයකු ප්‍රහාරයෙන් පසු රෝහල ඇතුළත තත්ත්වය වීඩියෝගත කර ඇති අතර එම දර්ශන නොවැම්බර් 13 වැනිදා ප්‍රසිද්ධ කෙරිණි.
ප්‍රහාරයෙන් හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියකු සහ තවත් සාමාජිකයන් ඉලක්ක කළ බව ඊශ්‍රායල හමුදාව පවසයි. රෝහල් සංකීර්ණය මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස භාවිත කළ බවට ඊශ්‍රායලය කළ චෝදනාව හමාස් සංවිධානය ප්‍රතික්ෂේප කර තිබේ.
