කසකස්තානයේ අල්මාටි නගරයේ කරගයිලි සුසාන භූමියේ වසර 2,200ක් පමණ පැරණි සොහොන් ගොඩැල්ලකින් රනින් නිමවූ කුඩා වලස් රුවක් හමු වී තිබේ. පසුපස පාද දෙකෙන් සිටගෙන සිටින ලෙස නිමවා ඇති වලසා, ඉදිරි පාද අතර කුඩා බඳුනක් වැනි වස්තුවක් දරා සිටියි.
රන් රුවේ පාදම අසල ඇති සිදුරු අනුව, එය හිස් පළඳනාවකට මසා සවිකළ ආභරණයක් විය හැකි බව පුරාවිද්‍යාඥයෝ පවසති.
කැණීමේදී හමු වූ මිනිස් අස්ථි පිළිබඳ මූලික විශ්ලේෂණයෙන් එම සොහොනේ වැඩිහිටියන් සිව්දෙනකු සහ ළමුන් තිදෙනකු තැන්පත් කර තිබිය හැකි බවට ද ඉඟි ලැබී ඇත. අල්මාටි බලධාරීන් නොවැම්බර් 5 වැනිදා හෙළි කළ මෙම සොයාගැනීම පිළිබඳ වැඩි විස්තර නොවැම්බර් 11 වැනිදා වාර්තා විය.
