පාසල් ක්රීඩා පහසුකම් සංවර්ධනය සඳහා රජය විශාල ආයෝජනයක් සිදුකරමින් සිටින බව ක්රීඩා අමාත්ය සුනිල් ගමගේ පැවසීය.
අමාත්යවරයා ප්රකාශ කරන ලද්දේ මහින්ද රාජපක්ෂ විද්යාලයේ ක්රීඩාංගණය සංවර්ධනය කිරීම සඳහා මේ වන විට රුපියල් මිලියන 115ක පමණ මුදලක් වැය කර ඇති බවත්, එහි ඉදිකිරීම් සම්පූර්ණ කිරීම සඳහා තවත් ප්රතිපාදන ලබන වසරේදී වෙන් කිරීමට බලාපොරොත්තු වන බවත්ය.
එසේම ක්රීඩාංගණයේ පැවිලියනය සහ ඇඳුම් මාරු කිරීමේ කාමර ඇතුළු ඉදිකිරීම් කිහිපයක් තවදුරටත් සිදුකළ යුතු බවද ඔහු පැවසීය.
පාසල් දරුවන් සඳහා මේස පන්දු ක්රීඩාව ආරම්භ කිරීමට නව උපකරණ ලබාදීමට කටයුතු කරන බව සඳහන් කළ අමාත්යවරයා, දරුවන් අධ්යාපනයට අමතරව ක්රීඩාවටද යොමු විය යුතු බවත් සඳහන් කරන ලදී.
දක්ෂ ක්රීඩකයන් මෙන්ම විනයගරුක පුරවැසියන් බිහිකිරීම ඔවුන්ගේ අරමුණ වගද අමාත්යවරයා වැඩිදුරටත් ප්රකාශ කරන ලදී.
සම්පූර්ණ ප්රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>




