කුරුණෑගල මල්ලවපිටිය සාමෝදය විද්‍යාලයේ නවීන පහසුකම් සහිත තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සහ ශ්‍රවණාගාරය ජුනි 05 වැනිදා විවෘත කරන අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී වූ අතර, ඇය පාසලේ සත්‍ය අරමුණ පිළිබඳව අදහස් පළ කළාය.

ඇය ප්‍රකාශ කළේ පාසලක් යනු දරුවන්ට දැනුම ලබාදෙන තැනක් විතරක් නොව, ආදරය සහ සෙනෙහස ලබාගන්නා ආරක්ෂිත පරිසරයක් බවටත් පත්විය යුතු බවයි.

දරුවන් පවුලෙන් පළමු වතාවට දිගු කාලයක් ගත කරන තැන පාසල වන අතර, එය සෙනෙහසින් හා ආදරයෙන් පිරී තිබිය යුතු බවද ඇය අවධාරණය කළාය.

අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් සඳහන් කළේ, මෙම ව්‍යාපෘතිය මාස හතක කාලයකින් නිම කළ හැකි වූයේ නිලධාරීන්ගේ සහයෝගය නිසා බවත්, විදුහල්පතිතුමන් සහ ගුරුවරුන්ගේ කැපවීම ගැන තම සතුට හා ස්තූතිය පළ කරන බවත්ය.