ප්‍රජාතන්ත්‍රවාදය තුළ ජනතාවට විරෝධය පළ කිරීමට, උද්ඝෝෂණය කිරීමට සහ අදහස් ප්‍රකාශ කිරීමට උපරිම නිදහස ලබාදිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරන ලදී.

අකුරැස්සේ පැවති “අපේ ආණ්ඩුව – වසර දෙකයි, රටට සුබයි” මහා රැළිය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කරන ලද්දේ මාධ්‍යයට ද අදහස් ප්‍රකාශ කිරීමට සහ තොරතුරු පළ කිරීමට අවශ්‍ය නිදහස ලබාදිය යුතු බවය.

කෙසේ වෙතත්, මාධ්‍ය ආයතන තම සීමාවන් පිළිබඳ අවබෝධයකින් කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.

පෙර පැවති කාලවලදී මාධ්‍ය ආයතනවලට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම, මාධ්‍යවේදීන් ඝාතනය කිරීම සහ පහරදීම් සිදුකිරීම වැනි ක්‍රියා හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් නොවන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

තම ආණ්ඩුවේ පාලන කාලය තුළ කඳුළු ගෑස්, බැටන් ප්‍රහාර හෝ ජල ප්‍රහාර එල්ල නොකළ බවද.
අදහස් අතර ගැටුමක්, ඒවාට සවන්දීමක් සහ පිළිගත යුතු දේ පිළිගෙන ප්‍රතික්ෂේප කළ යුතු දේ ප්‍රතික්ෂේප කිරීමක් ඔස්සේ සමාජය ඉදිරියට යා යුතු බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>