” ප්‍රජා ශක්ති ” ජාතික වැඩසටහන යටතේ දිවයිනේ සෑම ග්‍රාමසේවා වසමකම පිහිටුවා ඇති ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන් දැනුවත් කිරීමේ හම්බන්තොට දිස්ත්‍රික් වැඩසටහන අද (21) දින රුහුණ විශ්වවිද්‍යාලයීය රබීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණ.
ඒ ග්‍රාමීය සංවර්ධන , සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය අචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙනි.
එහිදී ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන්ගේ කාර්යභාර හා වගකීම් පිළිබඳව දැනුවත් කිරීමක් සිදුකෙරිණි.
එමෙන්ම එහිදී සභාව අමතමින්, අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ ගම සංවර්ධනය කිරීමේ පූර්ණ වගකීම ප්‍රජා සංවර්ධන සභාවේ නියෝජිතයන් සතු බවයි. තවද පසුගිය කාලයේ අපේ රටේ ක්‍රියාත්මක කළ දිළිඳුකම තුරන් කිරීමේ විවිධ වැඩසටහන් තුළින් අපේක්ෂිත අරමුණු ඉටු කරගැනීමට නොහැකි වී ඇති බවද සඳහන් කෙරිණි.






