ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ, නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක තද සුළං සහ මුහුද රළු වීමේ අවදානමක් පවතින බවයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අනුව, චිලව් සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 50–60 දක්වා තද සුළං ඇති විය හැකි අතර, මුහුදු රළ මීටර් 2 සිට 3 දක්වා ඉහළ යා හැකි බව සඳහන් වේ.
ඒ අනුව ධීවර හා නාවික ප්‍රජාවට දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසත්, නිකුත් කරන නිවේදන පිළිපදින ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි.
එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුරු මැද, වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේද පැයට කිලෝමීටර් 40–50 අතර තද සුළං ඇති විය හැකි බැවින්, නිවාස අවට ගස්වල අතු කපා ඉවත් කිරීම සහ ලිහිල් වහල ආරක්ෂිත කිරීම වැනි පූර්ව ආරක්ෂක පියවර ගන්නා ලෙස ජනතාවට උපදෙස් දී තිබේ. ආපදා හදිසි තොරතුරු සඳහා 117 දුරකථන අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බවද සඳහන් කරන ලදී.
සම්පූර්ණ නිවේදනය අපගේ ‘Webnews’ youtube නාලිකාව හරහා නරඹන්න.>>>>>>>





