රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේ ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර භාරයේ පසුවූ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පුද්ගලයින් 11 දෙනකු නොවැම්බර් 26 වැනිදා අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් නොවැම්බර් 26 වැනිදා අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබීය.

අනුරාධපුර රුවන්වැලි සෑය අසල අධිකරණ නියෝග නොතකමින් මාරාන්තික උපවාසයක නිරතව සිටියදී නොවැම්බර් 12 වැනිදා කස්සප හිමියන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගනු ලැබීය. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කස්සප හිමියන් ඇතුළු 11 දෙනා නොවැම්බර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීට පෙර අධිකරණය නියෝග කර තිබිණි.