මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා ගොනු කර ඇති ප්රතිශෝධන පෙත්සමක තීන්දුව පෙබරවාරි මස 19 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නොවැම්බර් 26 වැනිදා නිවේදනය කළේය.
2023 වසරේදී වැල්ලවත්ත පොලිස් වසම තුළ අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදු කිරීමේ සිද්ධියකට අදාළ නඩුවකදී ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගයක් ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා රවී සෙනෙවිරත්න මහතා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලීම අවසන් වීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර රණසිංහ මහතා නොවැම්බර් 26 වැනිදා තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා එම දිනය නියම කළේය.





