සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය තුළ දරුවන්ට සීමිත වෘත්තීය තෝරා ගැනීම් පමණක් පෙන්වා දී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරන ලදී.
ඊයේ (30) දින නගරාධිපති නිල නිවසේදී පැවැත්වුණු, “Sri Lanka Skills Expo 2026 ” අධ්‍යාපනික ප්‍රදර්ශනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ උත්සවයට එක්වෙමින්
ඇය සඳහන් කරන ලද්දේ, උසස් පෙළ සමත් වී විශ්වවිද්‍යාලයට යාමත්, වෛද්‍ය, නීතිඥ හෝ ඉංජිනේරු වැනි වෘත්තීන් වෙත යාමත් පමණක් සාර්ථකත්වයේ මාවත ලෙස සමාජය හඳුන්වා දී ඇති බවය.
නව අධ්‍යාපන පරිවර්තනයේ අරමුණ වන්නේ දරුවන්ට සහ තරුණ තරුණියන්ට තම හැකියාවන්, කැමැත්ත සහ දක්ෂතා අනුව විවිධ ක්ෂේත්‍ර තෝරා ගැනීමට අවස්ථාව ලබාදීම බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
අධ්‍යාපනයේදී කිසිදු ක්ෂේත්රයක් හෝ දරුවෙකුගේ හැකියාවක් අසාර්ථක තේරීමක් ලෙස නොසැලකිය යුතු බවද, සෑම ක්ෂේත්රයක්ම සමාජ සංවර්ධනයට සහ රටේ ආර්ථිකයට වැදගත් දායකත්වයක් ලබාදෙන බවද ඇය අවධාරණය කළාය.
දරුවන්ට තම අනාගතය තමන්ගේ හැකියාවන් මත ගොඩනගා ගැනීමට විශ්වාසය ලබාදීම නව අධ්‍යාපන වැඩසටහනේ ප්‍රධාන අරමුණක් බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.





