සජිත් ප්‍රේමදාස

නිවට ලෙස පැන නොයා,කොන්ද කෙලින් තබාගෙන ඕනෑම විවාදයකට මුහුණ දෙන ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ජාතික ජන බලවේගයට පැවසීය.

එසේම කණ්ඩායම් සියල්ල එකට දමා විවාද කර කාගේ වැඩපිළිවෙල ද සාර්ථක යැයි ජනතාවට තේරුම් ගැනීමට අවස්ථාව දිය යුතු බවත් දන්නා භාෂාවකින් වාද විවාද කරන්න පැමිණෙන ලෙසත් ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

තණමල්විල කෙත්සිරිගම කනිෂ්ඨ විද්‍යාලයේ පැවති සක්වල වැඩසටහනක් අමතමින් විපක්ෂ නායක තුමා මෙම අදහස් ප්‍රකාශ කරන ලදී.