කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පෙබරවාරි 26 වන දින ඉන්දියාවේ 77 වන ජනරජ දිනය සහ ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනය සැමරීමේ විශේෂ උත්සවයක් ශ්‍රී ලංකා – ඉන්දියා සංගමය විසින් සංවිධානය කරන ලදී.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය උත්සව අවස්ථාව අමතමින් සදහන් කරන ලද්දේ , ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධනය කරා යන ගමනේදී ඉන්දියානු ආයෝජකයින් සහ සංචාරකයින් සාදරයෙන් පිළිගන්නා බවයි.

ශුද්ධ ධාතූන් වහන්සේලා මෙරටට ගෙන ආ අවස්ථාව, දිට්වා සුළි කුණාටුවේදී ඉන්දියාව පළමු ප්‍රතිචාරකයා ලෙස දැක්වූ සහය ආදිය අගය කරමින් එතුමිය ඉන්දියාවේ සහයෝගය පිළිබඳවද කෘතඥතාවය පළ ක‍රන ලදී.

වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමිය ප්‍රකාශ කරන ලද්දේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජාද, දෙරට අතර සබඳතාව රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් ඔබ්බට ගිය විශේෂ සබඳතාවක් බවත්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් සන්නිවේදන සහ පුද්ගල සබඳතා වර්ධනය වී ඇති බවත්ය.

සම්පූර්ණ ප්‍රකාශය ‘webnews’ Youtube නාලිකාව හරහා නැරඹිය හැකිය. >>>>>>>>