පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණය නොවැම්බර් 11 වැනිදා වරෙන්තුවක් නිකුත් කළේය. ඒ, ත්‍රිකුණාමල වෙරළ තීරයේ අවසරයකින් තොරව බුද්ධ ප්‍රතිමාවක් ස්ථාපිත කළ බවට වන නඩුව කැඳවූ අවස්ථාවේ උන්වහන්සේ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.
කස්සප හිමියන් මෙම නඩුවේ දෙවැනි සැකකරු ලෙස නම් කර තිබේ. සිද්ධියට අදාළව පොලිසිය නම් කර ඇති සැකකරුවන් 14 දෙනා අතරින් නවදෙනකුට නොවැම්බර් 12 වැනිදා ත්‍රිකුණාමලය වරාය පොලිසිය හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබාදෙන ලෙස ද අධිකරණය නියම කර තිබේ.
නඩුව 2027 ජනවාරි 6 වැනිදා යළි කැඳවීමට නියමිතය.
