දුම්රිය වැඩවර්ජනයෙන් පසු දුම්රිය සේවය යළි ආරම්භ වූ අවස්ථාවේ තරුණ පිරිසක් පෙර දිනයේ ලබාගැනීමට නොහැකි වූ ටිකට්පත් වෙනුවෙන් ටිකට් දෙක බැගින් මිලදීගෙන ගමන් කිරීම සමාජ පරිවර්තනයකට ඇති සූදානම පෙන්වන සිදුවීමක් බව අමාත්ය මහින්ද ජයසිංහ මහතා ප්රකාශ කළේය.
ඔහු මේ බව ප්රකාශ කරන ලද්දේ ඊයේ (27) දින ගම්පහදී පැවති ‘අපේ ආණ්ඩුව, වසර දෙකයි – රටට සුබයි’ මහා රැලියට එක්වෙමිනි.
එම සිදුවීම බැලූ බැල්මට සරල සිදුවීමක් ලෙස පෙනී ගියද, ඉන් රටේ තරුණ පරපුර තම ආකල්ප වෙනස් කරමින් සමාජ පරිවර්තනයකට සහ “සිස්ටම් චේන්ජ්” එකකට දායක වීමට සූදානම් බවට පණිවිඩයක් ලබාදී ඇති බව ඔහු සඳහන් කළේය.
එවැනි සිදුවීම් තවත් විශාල සංඛ්යාවක් රට පුරා සිදුවෙමින් පවතින බවත්, ඇතැම් සිදුවීම් මාධ්ය ඔස්සේ පමණක් දැකගත හැකි වූ බවත් අමාත්යවරයා පැවසීය.
මහින්ද ජයසිංහ වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ, ශ්රී ලංකාව මේ වන විට එවැනි සමාජ පරිවර්තනයක් සහ “පුනරුද යුගයක්” කරා ගමන් කරමින් සිටින බවය.
සම්පූර්ණ ප්රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>




