ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක.
ශ්‍රී ලංකාවේ තියෙන ප්‍රධානම බස්නැවතුම්පල මේක.මෙතන ජනතාවට කිසිදු පහසුකමක් ලැබෙන්නේ නැහැ. බස් යන එන එක ඇරෙන්න. ඉතින් ඒ නිසා මේ සම්බන්ධව අපි පොදුවේ Clean Sri lanka යටතේ අපි යෝජනාවක් කරා ඉස්සෙල්ලාම ජනාධිපතිතුමාගේ මග පෙන්නීමේ යටතේ ලංකාවේ බස්ටෑන්ඩ් 50ක් ආරක්ෂක අමාත්‍යයන් සිට උදව් අරගෙන ඒ වගේම තවත් ප්‍රමාණයක් ජනතාගේ උදව් අරගෙන ඒ සියල්ලම වසරක් ඇතුලදී යම් ප්රතිසංස්කරණයකට ලක් කරන්න. නමුත් මේ ස්ථානයේ ගත්තොත් මේක විශේෂ එකක්. මේක විශාල ප්රතිසංස්කරණයක් කරන්න ඕනා.ඒ සැලසුම් ඉදිරිපත් කරලා මේක කැබිනට් මණ්ඩලය අනුමත කරගෙන මේ ව්‍යාපෘතිය කරන්නේ. ඉතින් ඇත්තටම ගත්තොත් හරිම අපරාධයක් මේ වගේ තැනක් අවුරුදු ගානක් තිස්සේ නොසලකා හැරලා තියෙන්නේ. තව ඊට පස්සේ මේකේ නීති විරෝධී දේවලුත් තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ ආයතන ඔක්කොමත් එකතු කරගෙන උපරිම කැපකිරීමකින් අවුරුද්දයක් ඇතුලදී අපි මේක ලස්සනට හදන්න.