විපක්ෂයේ සිටියා මෙන් ආණ්ඩු කිරීම ලේසි නොවන බවට ඇතමුන් ප්‍රකාශ කළ ද එය එසේ නොවන බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
ඒ “ලෙනින් කියවමු” මැයෙන් ඊයේ (21) දින මහවැලි කේන්ද්‍රයේ පැවති සමරු දේශණය අමතමිනි.

” ඉතිං අපි 159 නම් සහ විධායක බලය නම්, ඒක අපි හිතමු කාලතුවක්කුවක විතර බලයක් කියලා.. ඉතිං කැට පෝල් වලින් විදින්න ඕන ඒවට අපි කාලතුවක්කු පාවිච්චි කරන්නෙ නැහැ.”

ඒ අනුව බලය ලබා දී තිබියදී එය භාවිතා නොකිරීම සම්බන්ධයෙන් ඇතමුන් චෝදනා කළ ද ආණ්ඩුවට යම් දේශපාලනික ව ප්‍රහාර එල්ල කරන පිරිස් වෙත යම් මොහොතක පෙරළා ප්‍රහාර එල්ල කරන බව ද ඉඳහිට ආණ්ඩුව බෲස්ලී මෙන් පහරක් එම චෝදනා කරන පිරිස් වෙත ලබා දෙන බව ද අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

අදාළ සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ Youtube නාලිකාව හරහා නැරඹිය හැකිය.