එල්නීනෝ කාලගුණික තත්ත්වයෙන් ඇතිවිය හැකි බලපෑම්වලට මුහුණදීම සඳහා රජය මේ වනවිට පුළුල් සූදානමක් ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, අදාළ තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍යාංශ, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු මට්ටමින් මේ වනවිටත් සැලසුම් සකස් කරමින් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.
කෙසේ වෙතත්, එම සාකච්ඡා සහ සැලසුම් කිරීමේ ක්‍රියාවලිය සඳහා විපක්ෂයේ නියෝජිතයන් සහභාගී නොවන බවටද ඔහු චෝදනා කළේය.
විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හෝ අනු කමිටු රැස්වීම්වලට සහභාගී නොවන බවට ඔහු සඳහන් කළේය.
ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් සැබෑ කැක්කුමක් සහ වගකීමක් විපක්ෂයට තිබේ නම්, එම ව්‍යුහයන් තුළ සක්‍රීයව කටයුතු කරමින් ජනතාවට අවශ්‍ය විසඳුම් සෙවීම සඳහා දායක විය යුතු බවද,
ජනතා ගැටලු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට රජය විසින් නිර්මාණය කර ඇති ව්‍යුහයන් තුළ විපක්ෂයද සක්‍රීයව කටයුතු කළ යුතු බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, එවැනි ක්‍රියාවලීන්ගෙන් බැහැරව සිටිමින් ජනතා ප්‍රශ්න පිළිබඳව විවේචන කිරීම ප්‍රායෝගික නොවන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.





