අපරාධ විමර්ශන අංශය විසින් සොයා බැලීමේ කටයුතු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිපත්තිමය වගකීම් අතර සීමාව පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අදහස් පළ කරන ලදී.

ඔහු සඳහන් කරන ලද්දේ, ඇමෙරිකන් ඩොලර් මිලියන දෙකහමාරක හොරකමක් සිදු වී ඇති බවට මේ වන විට පැහැදිලිවම පෙනී යන අතර, ඒ පිළිබඳව වගකීම පොලිසියට හා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට අයත් බවයි.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ, මරණයකට අදාල සංවේදී සිදුවීම් දේශපාලනයට සෘජුව අදාල නොවන අතර ඒවා සොයා බැලීමේ වගකීමත් පොලිසියට අයත් වගය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>