ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වැටුප් මුදල් ලබා ගැනීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පෞද්ගලික ලේකම් සහ නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර ලබන 18 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළේය.
කොටුව වැඩබලන මහේස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චි විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබූ අතර, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මඟින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.
එළඹෙන 18 වැනි දින සැකකරුගේ ඇප නියෝගය සම්බන්ධයෙන් සලකා බැලීමට නියමිත බවද වැඩබලන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
