වෛද්යවරුන්ගේ හෝ නීතිඥවරුන්ගේ හඳුනා ගැනීම සඳහා වාහනයේ යොදා ඇති ලාංඡන සහිත ස්ටිකරය ඉවත් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස පවසනවා.
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව මෙන්ම පොලිසියද එවැනි තීරණයක් ගෙන නොමැති බව ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්යවරයා ප්රකාශ කර සිටියා.
වෛද්යවරුන් වැනි පිරිස් එම ලාංඡනය සහිතව පැමිණීමේදී ඔවුන් හඳුනා ගැනීමට එය පහසුවක් වන බවයි අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්රකාශ කර සිටියේ.






