“අනාගතය ඔබයි ඉගෙනගන්න හෙට දිනන්න ” අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කතිතාව කලුතර දිස්ත්‍රික් සම්මන්ත්‍රණය ජනවාරි 31 වන දින පැවැත්වුනු අතර ඒ සඳහා අමාත්‍ය නලින්ද ජයතිස්ස ද සහභාගි විය.

මෙහිදී පසුගිය දවසක කැදවනු ලැබු වෛද්‍යවරුන්ගේ දින 2 ක වෛද්‍ය වැඩ වර්ජනය අසාධාරන ඉල්ලීමක් ලෙස පෙන්වා දෙමින් අමාත්‍යවරයා ප්‍රකාශකර සිටියේ පසුගිය මාර්තු මාසයෙ අයවැයෙන් කි‍සිවෙකුත් නොඉල්ලු, දැනෙන වැටුප් වැඩිකිරිමක් සිදු කරනු ලැබුවත් වැටුප අතට ලැබෙනවිට වර්ජනය කරනවානම් එහිදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යම් යටි අරමුණක් ඇති බවයි.

මෙහි දේශපාලනයක් ඇති බව පවසමින් වැඩිවු වැටුප් ගෙන සේවයක් කිරිමට වෛද්‍යවරුන් වැඩි කොටසක් බලාසිටින වෙලාවක ඉතා කුඩා පිරිසක් එය කඩාකප්පල් කිරිමට උත්සාහ කරන්නේ නම් එය ජනතාවගේ වගකීමක් බවත් එයට නායකත්වය ලබාදෙන බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

එම ප්‍රකාශය අපගේ ‘webnews’ youtube චැනලයෙන් නරඹන්න >>>>>>