ඊයේ (07) දින පැවති පාර්ලිමේන්තු සැසි වාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරන ලද්දේ, විදුලි බිල වැඩිවීම සෘජුවම ආර්ථික අර්බුදයත් එක්ක සම්බන්ධ නොවන බවත්, එය ජල මට්ටම් පහළ යාම සහ ඩීසල් මත විදුලි නිෂ්පාදනය වැඩිවීම නිසා ඇතිවූ බලපෑමක් බවත්ය.

ඉදිරියටත් විදුලි බිල වෙනස්කම් නිසා බලපෑමට ලක්වූ අඩු ආදායම් පවුල් සඳහා රජය විසින් ඉලක්ක සහගත සහනාධාර ලබා දීමට සැලසුම් කර ඇති බවත් ඒ සඳහා මාසයකට රුපියල් කෝටි 500ක්, මාස තුනකට රුපියල් කෝටි 1500ක් වෙන් කර ඇති බවත්, එමගින් ජනතාවට ඇතිවන බර අඩු කිරීමට උත්සාහ කරන බවත් එතුමා පැවසීය.

ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, විදුලි බිල් වෙනස්කම් නිසා මාස තුනකින් රුපියල් බිලියන 32ක පාඩුවක් ඇතිවිය හැකි බවත්, ඒ අතරින් රජය රුපියල් බිලියන 15ක් දරාගන්නා බවත්ය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>