නොවැම්බර් 13 වැනිදා දිවයිනේ වැසි තත්ත්වය තාවකාලිකව අඩුවනු ඇතැයි එදින නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වේ. නැගෙනහිර පළාතේ සහ මුලතිව් හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල දිනය තුළ වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ස්ථාන කිහිපයකට පස්වරු 1න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. එවැනි වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු ඇති විය හැකි බැවින් අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබේ.