2027 හජ් වන්දනාව සඳහා ශ්‍රී ලංකාවට වන්දනාකරුවන් 3,500ක නිල කෝටාවක් හිමි වී තිබේ. ලබන වසරේ වන්දනා කටයුතු සංවිධානය කිරීමට අදාළ ගිවිසුම ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය නොවැම්බර් 9 වැනිදා ජෙඩා නගරයේදී අත්සන් කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය නොවැම්බර් 12 වැනිදා නිවේදනය කළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතාත්, සෞදි අරාබිය වෙනුවෙන් හජ් සහ උම්රා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ෆත්තා බින් සුලෙයිමාන් මෂාත් මහතාත් ගිවිසුමට අත්සන් තැබූහ. ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ගේ ගමන් සහ සේවා පහසුකම් සම්බන්ධයෙන් ද දෙරටේ නියෝජිතයෝ සාකච්ඡා කළහ.
