අමාත්‍ය උපාලි පණ්නිලගේ

මේ ආණ්ඩුව තරම් බලයට පත් වෙලා ඉතාමත්ම කෙටු කාලයක් තුල, මෙතරම් වැඩ කොටසක් ඉටු කරපු ආණ්ඩුවක් මෑත ඉතිහාසයේ වෙන නෑ. මේ කෙටි කාලය තුල අපි සංවර්ධන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි Clean Sri Lanka වැඩසටහන මේ වන විට ජනවාරි පළවෙනිදා සිට මුළු දිවයිනම ආවරණය වෙන පාරිදි ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එමෙන්ම ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීමේ වැඩසටහන ඒ ඔස්සේ ග්‍රාමීය ජනතාව සවිබල ගැන්වීමේ වැඩසටහන් මේ වන විට ලංකාවේ දිස්ත්‍රික්කයක් පාසා ක්‍රියාත්මක වෙමින් තියෙනවා. අපි බලයට පත්වෙලා මේ වෙනකොට අපේ රට ඉතාමත් ජාතිකවත් ජාත්‍යන්තරවත් අපි ඒ සම්බන්ධතා පුළුල් කරගෙන රටේ ආර්ථිකය ස්ථාවර කරලා තියෙනවා. අපි ගත්තේ බංකොලොත් රටක්. මේ බංකොලොත් භාවයෙන් මුදාගෙන, දැන් අපේ රටේ ආර්ථිකය ස්ථාවර කරලා තියෙනවා.

අමාත්‍ය උපාලි පණ්නිලගේ මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>