පාර්ලිමේන්තු මන්ත්‍රිනී අම්බිකා සාමිවෙල් මහත්මිය පවසන්නේ, පසුගිය දශක ගණනාවක් පුරා ජනතාවට හිමිවිය යුතු මූලික අයිතිවාසිකම් පවා සම්පූර්ණ කිරීමට අසමත් වූ තත්ත්වයක් තුළ, වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව එම අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන බවයි.

ඇය මෙම අදහස් පළ කරන ලද්දේ ඊයේ (12) දින පාර්ලිමේන්තු සැසිවාරයේදී අදහස් දක්වමිනි.

වර්තමාන ආණ්ඩුව විසින් සිදු කරනු ලබන්නේ අවුරුදු 70ක් තිස්සේ නොකළ දෑ බවත් පසුගිය ආණ්ඩු කරපු දූෂණ ක්‍රියාවලිය අපිට කරන්න බැහැ. ජනතාව මෙම ආණ්ඩුවෙන් බලාපොරොත්තු වූයේ ඔවුන්ගේ ජීවිත ගොඩනැගීම බවත් ඇය සඳහන් කළාය.

එසේම කඳුකර ජනතාව ඇතුළු පීඩාවට පත්ව සිටින ජන කොටස්වල මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා ආණ්ඩුව කැපවී සිටින බව පැවසූ අම්බිකා සාමිවෙල් මහත්මිය, ජනතාවගේ සෞඛ්‍යය, සුබසාධනය සහ යහපත් අනාගතයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය ඕනෑම පියවරක් ගැනීමට සූදානම් බවද ප්‍රකාශ කළාය.