ලාෆ්ස් ගෑස් සමාගම විසින් සිය ගෘහස්ත ගෑස් සිලින්ඩරවල මිල ගණන් පහත දැමීමට කටයුතු කර තිබේ. ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5,995ක් දක්වා අඩු කර ඇති බව එම සමාගම පවසයි.

මීට අමතරව, කිලෝග්‍රෑම් 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,398ක් දක්වා පහත දැමීමටද ලාෆ්ස් ගෑස් සමාගම පියවර ගෙන ඇත.