ව්‍යාජ ලෙස රියදුරු බලපත්‍ර, වාහන ලියාපදිංචි සහතික සහ ජාතික හැඳුනුම්පත් සකස් කර මුදලට අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයකු ඇතුළු දෙදෙනකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වැලිකඩ පොලිස් වසමේ සිදුකළ මෙහෙයුමකදී අනාවරණය වූ තොරතුරු මත මෙම වැටලීම සිදු කර ඇත.
නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් වැලිකඩ ප්‍රදේශයේදී සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයකු පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබූ තාවකාලික රියදුරු බලපත්‍රයක් පිළිබඳ සැකය මත ප්‍රශ්න කර තිබේ.
එහිදී නාරහේන්පිට මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අසල නිවසකින් එය මිලදී ගත් බවට අනාවරණය වීමත් සමඟ, පොලිසිය විසින් එම නිවස වටලා පරීක්ෂා කර ඇත.
නිවෙස් හිමියා අත්අඩංගුවට ගෙන සිදුකළ වැඩිදුර පරීක්ෂණවලදී ව්‍යාජ ලෙස සැකසූ රියදුරු බලපත්‍ර 12ක්, ජාතික හැඳුනුම්පත් 8ක්, තාවකාලික රියදුරු බලපත්‍ර 8ක් සහ වාහන ලියාපදිංචි සහතික 4ක් පොලිස් භාරයට ගෙන තිබේ.
සූක්ෂම ලෙස සකස් කරන ලද මෙම ලේඛන රුපියල් 7,500ක සිට ඉහළ මිල ගණන් යටතේ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට අලෙවි කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.
