මහනුවර දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයන් කැඳවා ඇති වැඩවර්ජනවලට මැදි නොවනු ඇතැයි තමන් විශ්වාස කරන බව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත පැවසීය.

2026 නොවැම්බර් 30 වැනිදා පෝය දිනයක් සේ සලකන ලෙස සඳහන් කළ අමාත්‍යවරයා, කැඳවා ඇති වැඩවර්ජනවලට හේතු නොමැති බවද ප්‍රකාශ කළේය. රාජ්‍ය සේවය වෙනුවෙන් මෙවැනි කටයුතු කළ රජයක් මින් පෙර තමන් දැක නැතැයිද ඔහු කියා සිටියේය.

ඊළඟ අයවැය දීමනාවලට වෙන් කර ඇති බවත්, ගෙවුණු අයවැය තුනෙන්ම මූලික වැටුප වැඩි කළ බවත් සඳහන් කළ කේ.ඩී. ලාල් කාන්ත,

”ගෙවුණු අයවැය තුනෙන්ම මූලික වැටුප වැඩි කරා. ජනවාරි මාසේ ඉදන් ‘පේ ෂීට්’එක බලන්න” යනුවෙන් වැඩිදුරටත් පැවසීය.