හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සම්බන්ධ රාජ්ය මුදල් අවභාවිතය පිළිබඳ නඩුව දෙසැම්බර් 9 වැනිදා යළි කැඳවීමට කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය අද (11) නියෝග කළ බව අධිකරණ වාර්තාවක සඳහන් වේ.
අද නඩුව කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දී ඇත්තේ අදාළ විමර්ශන ගොනු නීතිපතිවරයාගේ උපදෙස් සඳහා යොමු කර ඇති බවයි. ඉදිරි නීතිමය පියවර සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය අධිකරණයට දැනුම් දීමට නියමිතය.
2023 වසරේදී වික්රමසිංහ මහතා සිය බිරිඳගේ උපාධි ප්රදානෝත්සවයට සහභාගි වීම සඳහා එක්සත් රාජධානියට කළ සංචාරයකට අදාළව රුපියල් මිලියන 16.6කට අධික රාජ්ය මුදලක් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනාව මෙම නඩුවට පදනම් වී තිබේ. ඊට ආධාර අනුබල දුන් බවට ඒකනායක මහතා ද සැකකරුවකු ලෙස නම් කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම කරුණ අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ පොදු දේපළ පනත යටතේය.



