‘රටම එකට’ ජාතික මෙහෙයුම් මාලාව යටතේ මේ දක්වා රුපියල් බිලියන 116ක වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය නාවික හමුදා භාරයට ගෙන ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා 2026 නොවැම්බර් 27 වැනිදා ප්‍රකාශ කළේය.

දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් නොවැම්බර් 27 වැනිදා පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

2025 ඔක්තෝබර් මස 30 වැනිදා ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ කළ බවත්, ඒ යටතේ මේ වන විට සැකකරුවන් 379 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.