“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ, පොලිසිය විසින් ඊයේ (11) දිනයේ මත්ද්‍රව්‍ය වැටලීම් 883 ක් සිදු කර තිබෙනවා.

එම වැටලීම්වලදී සැකකරුවන් 861 ක් අත්අඩංගුවටද, 26 දෙනෙක් පුනරුත්ථාපනයටද යොමු කළ බව පොලීසිය ප්‍රකාශ කළා.

හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා සිදු කළ වැටලීම් 273 කින් හෙරොයින් ග්‍රෑම් 311 ක් ද, අයිස් මත්ද්‍රව්‍ය සොයා සිදු කළ වැටලීම් 356 ක් අතරින් අයිස් ග්‍රෑම් 758 ක් සොයාගෙන ඇත.

මීට අමතරව, වැටලීම් 195 කින් ගංජා කිලෝ 93 යි ග්‍රෑම් 12 ක් හා ගංජා පැළ 40,874 ක්ද සොයාගෙන ඇත.