දිට්වා සුළි කුණාටු අවස්ථාවේදී රාජ්‍ය නිලධාරීන් අතින් සිදුවූ අතපසු වීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කර ඇති බව ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය ප්‍රකාශ කරන ලදී.
ඊට අදාළ වාර්තාව තමන් අද දින ඉදිරිපත් කිරීමට නියමිත බවද එතුමිය ප්‍රකාශ කර සිටියාය.
මානව හිමිකම් කොමිෂන් සභාව මඟින් අදාළ ආයතන කැඳවා සිදුකරන ලද විමර්ශනවලදී ද නිලධාරීන්ගේ පාර්ශ්වයෙන් බරපතල අතපසු වීම් සිදුව ඇති බව අනාවරණය වී ඇති බව සඳහන් කෙරිණි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාව ලබාදුන් පූර්ව අනතුරු ඇඟවීම් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු බලධාරීන් ගණන් නොගත් ආකාරයටම, මෙම සුළි කුණාටු අවස්ථාවේදී ද ඉන්දියානු කාලගුණ වාර්තා මඟින් නොවැම්බර් 27 වන දින උදෑසන 11.30 ට අනතුරු ඇඟවීම් සිදුකර තිබුණ ද ශ්‍රී ලංකාව ඒ පිළිබඳව දැනුවත් කර ඇත්තේ එදින රාත්‍රී 8.00 ට බව පෙන්වා දෙන ලදී.
එලෙස රාත්‍රී 8.00 ට දැනුවත් කිරීමෙන් අනතුරුව, රාත්‍රී 9.00 ට ජලාශවල වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් පුද්ගලයින් 600 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වූ බව ද අනාවරණය විය.
රාජ්‍ය සේවය තුළ මෙවැනි අලස නිලධාරීන් සිටීම හේතුවෙන් අවසානයේ රටත්, රජයත්, සමස්ත මහජනතාවත් අගාධයට ඇද වැටෙන බව එහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>





