සංජීව ධම්මික – විදුලිය භාවිතා කරන්නන්ගේ සංගමය.
මහජන උපයෝගීතා කොමිෂන් සභාව හැමදාම විදුලිබල මණ්ඩලයට නිර්දේශ දෙනවා මේවා ක්රියාත්මක කරන්න කියලා. එකක් තමයි, ඉන්ධන සැපයුම්කරුවන් සමඟ සාකච්ඡා කර ගිවිසුම්ගතව සැපයුම් වලට පෙළඹෙන්න කියලා. විදුලිබල මණ්ඩලය කියන්නේ, සංස්ථාවෙන් විකිණෙන තෙල් වලින් 40% ක් 50% ක් අතර ප්රමාණයක් භාවිතා කරනවා කියලා. ඒ නිසා ඉන්ධන විදුලිබල මණ්ඩලයට ගන්නේ ගමේ ෂෙඩ් එකෙන් ගහන මිලටම තමයි. ඒ හින්දා කොමිෂන් සභාව දිගින් දිගටම කියලා තියෙනවා මේ අයත් එක්ක ගිවිසුම් ගත වෙන්න කියලා. එකත් ගණන් ගන්නේ නැහැ. දැන් මේ කොමිසම මොකටද ඉන්නේ? ඒ නිසා අපි අහනවා මේ නව රජයෙන්, කෙටි කාලයෙන් දෙනවා කියපු සහනෙත් නෑ. වසන්ත සමරසිංහලා උගන්ඩා කුමාරිලා කෑ ගැහුවා දැන් අපි මේ අයගෙන් මේ සහන දෙන්න ඕනේ නැද්ද කියලා. ජනතාව රවට්ටලා ඡන්දය ගත්තා. ඒ නිසා මේ ඉන්ධන මිලදී ගන්නා ගිවිසුම ක්රියාත්මක කරන්නේ නැති මෙතන යට තියෙන රහස මොකක්ද කියලා හොයන්න කියලා රජයෙන් අපි ඉල්ලනවා.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>