අමාත්‍ය බිමල් රත්නායක ඊයේ (10) දින පැවති පාර්ලිමේන්තු විවාදයේදී ප්‍රකාශ කරන ලද්දේ, තම ආණ්ඩුව තුළ දූෂණ හෝ වංචා සිදුකරන කිසිම මන්ත්‍රීවරයෙකුට ආරක්ෂාවක් නොදෙන බවත්, එවැනි පුද්ගලයන්ට එරෙහිව පක්ෂයම ක්‍රියාත්මක වන බවත්ය.

එතුමා පැහැදිලි කරන ලද්දේ, පක්ෂය කිසිවිටෙකත් මහ බැංකු වංචාකාරයන්ගෙන් හෝ දූෂිත පිරිසකගෙන් උපදෙස් ලබාගෙන ක්‍රියා නොකරන බවයි.

පාර්ලිමේන්තු විවාදය තුළ තම පක්ෂය තර්කානුකූල සහ කරුණු සහිත පිළිතුරු ලබාදෙන බවත්, එය ජනතාවට පැහැදිලිව තේරුම් ගත හැකි ආකාරයෙන් ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කරන ලදී.

පක්ෂය තුළ විනය සහ විශ්වාසය රැක ගැනීම තම ප්‍රමුඛ අරමුණ වගත්, දූෂණය හා වංචාවට එරෙහිව දැඩි පියවර ගන්නා වගත් එතුමා සඳහන් කරන ලදී.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>