ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ කසිරංගා ප්‍රදේශයේ සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කසිරංගා ආසන්නයේ රොන්ගාජාන් ප්‍රදේශයේදී බොකාකාට් සිට නාගොන් දක්වා ධාවනය වෙමින් තිබූ කුඩා බස් රථයක ට්‍රක් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මෙම අනතුරින් තුවාල ලැබූ මගීන් 17 දෙනෙකු රෝහල්ගත කර ඇති අතර, ඔවුන්ගෙන් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව එරට සෞඛ්‍ය අංශ පවසයි.
අනතුර සිදු වූ වහාම පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්වී සුන්බුන් අතර සිරවී සිටි පිරිස් බේරා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත.