උදය ගම්මන්පිල

බොරු වලට වඩා භයානකයි. පට්ටපල් බොරු. පට්ටපල් බොරුවලට වඩා භයානකයි සංඛ් යාලේඛන. එකට හොදම උදාහරණය තමයි මුදල් අමාත්‍ය අනුර දිසානායක මැතිතුමාගේ මංගල අයවැය. ජනාධිපතිතුමා කිව්වේ රජයේ සේවකයන්ට රුපියල් පහළොස් දහස් හත්සිය පනහකින් වැටුප් වැඩි කරලා අවම වැටුප රුපියල් හතළිස් දාහක් කරනවා කියලා. නමුත් ඇත්තටම වෙලා තියෙන්නේ පහළොස් දහස් හත්සිය පනහකින් වැටුප් වැඩි කළා කිව්වාට දැනට විශේෂ දීමනාව සහ අතුරු දීමනාව ලෙස ලබාදෙන හත්දහස් පන්සීයේ දීමනා අහෝසි කරනවා. එහෙනම් දැන් පහළොස්දාස් හත්සිය පනහෙන් හත්දාස් පන්සීයක් අඩු කරාම පිළිතුර රුපියල් අටදාස් දෙසිය පනහක්. ඊළඟට කියනවා ඒකෙන් මේ වසරේ ලබා දෙන්නේ රුපියල් පන්දාහක් සහ ඉතිරියෙන් සීයට තිහක්. දැන් ඉතිරි රුපියල් තුන්දහස් දෙසිය පනහයිනේ. ඒකෙන් සීයට තිහක් කියන්නේ නමසිය හැත්ත පහක්. එතකොට ඇත්ත වැටුප් වැඩි කිරීම රුපියල් පන්දහස් නවසිය හැත්තෑ පහක් පමණයි.

උදය ගම්මන්පිල මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>