බේරුවල ප්‍රදේශයට ඔබ්බෙන් වූ බටහිර මුහුදේදී ආපදාවට පත්ව සිටි ධීවරයෙකු නිරුපද්‍රිතව මුදාගෙන ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව අද උදෑසන සමත් වී ඇත.
නාවික හමුදාව සඳහන් කළේ අදාළ ධීවරයා මීගමුව, පිටිපන ධීවර වරායෙන් ඩිංගි යාත්‍රාවකින් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ බවයි. එහිදී යාත්‍රාව අක්‍රීය වීම හේතුවෙන් ඔහු මුහුදේ අතරමංව සිට ඇත.
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් නාවික හමුදාව විසින් මෙම මුදාගැනීමේ මෙහෙයුම සිදු කළ බව වාර්තා වේ.





