පුත්තලම මූලික රෝහල, දිස්ත්‍රික් මහ රෝහලක් ලෙස උසස් කිරීමට රජය තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ඒ අනුව ප්‍රධාන නගරයක දිස්ත්‍රික් මහ රෝහලක් නැති දිස්ත්‍රික්කය වන පුත්තලම දිස්ත්‍රික්කයේ මූලික රෝහල, දිස්ත්‍රික් මහ රෝහලක් බවට උසස් කිරීමට ධනාත්මක සාධක ඇති බව අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.
රෝහල් උසස් කිරීමේදී මෙතෙක් ක්‍රියා කර ඇත්තේ විද්‍යානුකූල පදනමකින් නොවන බවද, මේ වන විට එය සිදුවන්නේ ජාතික සැලැස්මට අනුව බවද අමාත්‍යවරයා සඳහන් කළා.
මූලික රෝහල් 82කට අවශ්‍ය පහසුකම් පියවරෙන් පියවර ලබා දෙන අතර ජනගහන ව්‍යාප්තිය, භූගෝලීය අවශ්‍යතාවය හා ජාතික සැලැස්මට කෙතරම් අනුකූලද යන්න සැලකිල්ලට ගෙන රෝහල් උසස් කිරීම් සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.





